Wednesday, September 21, 2016

ශාසනය පාරිහානියට පත්වෙන්නෙ ශාසනයෙ තුල සිටින පුද්ගලයන්ගේ ක්‍රියාවන් තුලින්මයි

ශාසනය පාරිහානියට පත්වෙන්නෙ ශාසනයෙ තුල සිටින පුද්ගලයන්ගේ ක්‍රියාවන් තුලින්මයි. ඔබ කරන්නෙ ඔබගේ ආගම වෙනුවෙන් නැගීසිටීමය.ඔබ වෙන ආගමික පසුබිමක ඉපදුනත් ඔබ කරන්නේ එම ආගම වෙනුවෙන් නැගීසිටීමය. තථාගතයන් වහන්සේ දෙශනා කලා පෙර භවයන් වලදී අපි චතුරාර්‍ය්‍ය සත්‍ය අවබෝද කල නොගත් නිසා ඔබ තමන්ගෙ මව මල දුකට අඬපු කඳුලු එකතු කලා නම්, සතරමහ සාගරයේ ජලයට වැඩී කියල පෙන්නුවා. ඒ වගේමයි පියා, දුව, පුතා, සහෝදරයා, සහෝදරිය, ඥාති හිතයිශීන් මැරුනු දුකටත්. ඒ වගේමයි මේ සංසාරයේ එනකොට තිරිසන් ආත්මවල ඉපදුනුවිට, මස් පිනිස මරන වෙලාවේදී ගෙල සිඳිනකොට ගලාගෙන ගිය ලේ එකතු කලා නම්, සතර මහා සාගරයේ ජලයට වැඩී කියලා පෙන්නුවා. එවගේම මෙ අත්ම බවයෙදිත් ඔබ සත්‍ය අවබොද කර නොගත්තොත් ම්ත්‍යා දුශ්ටි පවුල්වල ඉපදිලා එම දුශ්ටීන් වලින් අපායෙ යන්න හෙතු වෙනවා. ත්‍රිපිටකයේ කොතනවත් නැහැ පිං කරල සසර කෙටි කරගන්න පුලුවන් කියලා. බොහො අය සිතා සිටින්නේ පිං කරාම මෛත්‍රී බුදුන්ගෙ කාලයෙ ඉපිද නිවන් ලබන බව. බුදුරජානන් වහන්සේ දේශනා කරන්නේ සම්මා දිට්ඨියට පත්වූ පුද්ගලයකුට පමනමයි මේ සසර කෙටිකරගන්න පුලුවන් කියලා. තවද ඉතාමත්ම ඉතා ගැබුරු ධර්මයක් තතාගතයන් වහන්සේ දේශනා කර තිබියදීත් දේශනා නොකර දේවල්; මල් පූජා කිරීම, ගිලන්පස ආදිය සහ දුම්ගැසීම, ගාතා කිවීම වාගේ දේවල් වලට පමනක් සීමවී සිටියි. බුදුරජානං වහන්සේ දේශනා කලා ''අනාගතයේදී මා නොකියූ දේ කියමින් මට වැඳුම් පිදුම් කරන පිරිසක් බිහිවනවා '' කියා. ඉතින් පොඩ්ඩක් සිතා බලන්න, ඔබ පිං පව් කරා මිසක් ආර්ය සත්‍ය අවබොද කිරීමට උත්සහ ගත්තාද කියා.අපි සත්‍ය අවබෝද කරගන්නවනං වෙන ආගම් වලින් බොහො පිරිස් මෙ සාශනයට එනව. මක්නිසාදයත්, සත්ය අවබොඩ කර ගැනීමෙදී විශාල ඥානයක් පහලවන බැවින්. ඉතිං වැරද්ද තිබෙන්නෙ අප තුලමය. බුදුරජානන් වහන්සේ මෙසේ දෙශනා කලා "මා පිරිනිවී නොබූ කලකින් මේ ශාසනයේ සිටින පුද්ගලයින්ම ශාසනයට ඇන ගසනව" කියා. එහි තෙරුම පිටත තියන නොයෙක් සංකල්ප ශාසනයට ඇතුලු කරන බව.තව පැහැදිලි කරොත් ශාසනය කෝවිලක් කරන බව. කමෙන්ට්ස් අවශ්‍යයි. භාෂාමය ගැටලු තියනවානං සමාවන්න.

No comments:

Post a Comment